ඔබ Instagram භාවිතා කරන්නෙක්ද, නැත්නම් ඔබ Instagram ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරනවාද, මේ කුමන කටයුත්තකදී වුවද ඔබගේ ගිණුමේ(Profile) ප්‍රභලතාවය මැනීමේ ප්‍රධාන සාධකය වන්නේ followers ලා  ප්‍රමාණය වේ. Instagram හි famous වීමට නම් හෝ ඔබගේ අනන්‍යතාවයක්(Personal Brand) ගොඩනගා ගැනීමට මෙම ප්‍රමාණය අතිශයින් වැදගත් වේ.


Everliker යනු Google Chrome Extension එකක් වන අතර මෙය ඔබගේ followers ලා  ප්‍රමාණය Organically වැඩිකර ගැනීම සඳහා ඔබට උදවු වන සහායකයෙකි(Assistant).


මෙය ඔබ විසින් තෝරා ගන්නා වූ යම් #tag මත පදනම්ව ස්වයංක්‍රීයව(Automatically) අනෙකුත් Instagram Posts වලට Like කරයි. මෙහි Free Version එක මගින් දිනකට Like 700 නිදහස් කරන අතර මේ සඳහා කිසිදු login method එකක් හෝ password එකක් අවශ්‍ය නොවේ. ඔබට සිදු කිරීමට ඇත්තේ මේ Extension එක Chrome Browser එකට Add කර එය Open කර තැබීම පමණි.

ඔබට අවශ්‍ය නම් Everliker, Pro Version එකක් නැත්නම් Paid Version එකක් සඳහා මෙය Upgrade කළ හැකි අතර එහිදී එක් දිනක් තුළ Posts 1400කට Like කිරීමට ඔබට හැකියාව ලබාදෙයි.

Everliker Extension එක මෙතනින් download කරගන්න.

* පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මෙහි සවිස්තරාත්මක විග්‍රහයක්(Fully Review) ලබාගත හැක.


මෙම ලිපිය මගින් ඔබ යම් දෙයක් අලුතින් දැනගත්තා නම්, තිබු දැනුම වැඩි දියුණු වුනා නම් හෝ මේ සියල්ල දන්නවා නම් ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. අඩු පාඩු වැඩි දියුණු කරගත යුතු තැන් සියල්ලටම විවෘතයි. Social Media වල share කරලා සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Online Money Making, SEO වගේම තවත් ගොඩාක් මාතෘකා තියෙනවා කතා කරන්න, ලියන්න. ඒ සියල්ල share කරගැනීමට නියමිතයි. ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සඳුන් සඳමාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *