Instagram යනු අප හොදින් දන්නා නමුත් භාවිතා(Use) කිරීමට කිසියම් මැලිකමක් දක්වන සමාජ මාධ්‍ය භාවිතයකි(Social Media App). මෙය Facebook සමග සම්බන්ධව ඇති අතර, ප්‍රධාන වශයෙන් චායාරුප(Photos) සහ Videos හුවමාරු කරගන්නා(Sharing) platform එකකි. මෙම ලිපිය(Article) මගින් Instagram යනු කුමක්ද,එහි භාවිතාවන්(Use Instagram Properly) සරලව ඔබ වෙත ඉදිරිපත් කරයි.

1. Instagram යනු කුමක්ද?

Instagram යනු 2010 වර්ෂයේදී Kevin Systrom සහ Mike Krieger විසින් දියත් කරන්නට යෙදුනු සමාජ මාධ්‍ය නියැලුමකි(Social Media App). මෙය 2012 වර්ෂයේදී Facebook මගින් මිලට ගන්නා ලදී. මෙහිදී ඔබට චායාරූප(Images/ Photos) හා Video කොටස් හුවමාරු(Share) කරගැනීම, පරිශීලකයන්(Users) සමග අත්දැකීම් බෙදා ගැනීම, Photos/ Images එකතු කිරීම හා ගවේෂණය(Explore) කිරීම වැනි බොහෝ දේ කල හැක.

ඔබ සතුව Facebook Account එකක් ඇත්නම්, එහි තොරතුරු භාවිතයෙන් ඉතා පහසුවෙන් Instagram Account එකක් නිර්මාණය කර ගත හැක. එමෙන්ම මෙය කිසිදු ගෙවීමක් නොමැතිව ඔබට භාවිතා කිරීමටද හැක.

android සදහා Instagram app එක මෙතනින් Download කරගන්න.
ios සදහා Instagram app එක මෙතනින් Download කරගන්න.

2. Instagram හි ක්‍රියාකාරීත්වය කෙසේද?

Instagram App එක install කරගැනීමෙන් අනතුරුව ඔබගේ Facebook Account එක උපයෝගී කරගනිමින් Account එකක් නිර්මාණය කරගන්න. 

1. ඔබගේ Profile එක වෙත ගොස් එහි ඔබගේ තොරතුරු යාවත්කාලීන(Update) කරන්න. (Profile Picture එක වෙනස් කිරීම, ඔබගේ නම වෙනස් කිරීම)
2. ඔබට අනුගමනය(Follow) කිරීමට ඔබගේ මිතුරන් යෝජනා(Suggestion) වී ඇත්නම් ඔවුන් follow කරන්න. නැත්නම්  ඔබ දන්නා හෝ ජනප්‍රිය පුද්ගලයන් සොයාගෙන(Search) ඔවුන් follow කිරීමටද හැකියාව පවතී.
3. ඔබගේ profile එකෙහි, Profile Picture එකට දකුණු පසින් ඔබ Instagram තුලට එක්කල Post ප්‍රමාණය, ඔබගේ අනුගාමිකයන්(Followers) ප්‍රමාණය හා ඔබ අනුගමනය(Following) කරන ප්‍රමාණයන් පෙන්වයි.
4. ඔබට ඔබගේ post එකකට හෝ වෙනත් post එකකට like කිරීමට අවශ්‍ය නම් එම post එක මත දෙසැරයක් තට්ටු(Double Tap) කිරීමෙන් එය කල හැක. නැත්නම් post එක පහලින් ඇති හදවත් සලකුණ(Heart Symbol) tap කිරීමෙන් කල හැක. කිසියම් post එකකට ඔබ like කලහොත් එහි Heart symbol එක රතු(Red) පැහැයෙන් දිස්වේ.
5. සෑම post එකක පහලින් ඔබට එයට ලැබී ඇති likes ප්‍රමාණය සහ comment දැක ගත හැක.
6. Post එකට පහලින් ඇති ඊ හිස(Arrow Head) මගින් එය පණිවිඩයක්(Message) ලෙසින් ඔබගේ followers ලා ට හෝ ඔබ following කරන අයට යැවිය(Send) හැක.
7.  තවද post එකට දකුණුපසින්  ඇති කොඩියක සලකුණ(Flag Symbol) tap කිරීමෙන් එය ඔබගේ profile එකට save කරගත හැක.
8.  ඔබගේ profile එක private account එකක් නම්, ඔබ දමන post ඔබගේ followers ලාට පමණක් දර්ශනය(Visible) වේ. එමෙන්ම public හා trending page වල ඔබගේ profile එක නොපෙන්වයි.

Instagram Navigation Bar

Home Tab –  Instagram app එක open කල විට මුලින්ම පෙන්නන interface එක මෙය වේ. මෙහි ඔබගේ සහ ඔබ follow කරන අයගෙ post දක්නට ලැබෙයි.
Explore Tab with Search Bar –  මෙහි Instagram හි ජනප්‍රියතම post දක්නට ලැබෙයි.  එමෙන්ම ඔබට අවශ්‍ය පුද්ගලයන්ගෙ profile සොයාගැනීමට මෙහි උඩින්ම ඇති search bar එක භාවිතා කළ හැක.
Content Adding Tab –  Photos සහ Videos, Instagram හි upload කිරීමට මෙය භාවිතා කරයි. මෙහිදී upload කරන සියලු දෙය ඔබට අවශ්‍ය පරිදි සංස්කරණය කළ හැකි වීම ද විශේෂත්වයකි.
Activity Tab –  ඔබ follow කරන සහ ඔබව follow කරන අයගෙ post වලට ලැබෙන ප්‍රතිචාර සියල්ල මෙහිදී දැකගත හැක.
Profile Tab –  ඔබගේ Account එකෙහි අන්තර්ගතය මෙහිදී දැකගත හැකි අතර එහි ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීම්(Edit) ද කල හැක.

3. Explore Page යනු කුමක්ද?

Explore page එකට පිවිසීමට ඔබට Bottom Navigation Bar එකෙහි දෙවනුවට ඇති Magnifying Glass එක tap කළ යුතුය. මෙහිදී ඔබට instagram හි ඇති ජනප්‍රියතම photos සහ videos  බලාගත හැකි අතර එහි උඩින් ම පිහිටා ඇත්තේ search bar එක වේ. එහිදී ඔබට follow කිරීමට අවශ්‍ය පුද්ගලයන්ගේ නම් සඳහන් කිරීමෙන් ඔහුගේ/ ඇයගේ profile එක සොයා ගත හැක.

ඊට පහලින් මෙහි අන්තර්ගත(Content) වන photos සහ videos කොටස් කිහිපයකට බෙදා ඇති අතර ඉන් මුලින්ම Instagram විසින් අප හට යෝජනා(Suggestion) කරමින් පෙන්වා දෙන FOR YOU, category එක දැක ගත හැක. එසේම TRAVEL, TV &MOVIES, COMICS, SHOPPING … ඇතුළු  විශාල පරාසයක විහිදී ගිය content දැකගත හැක. ඔබට මේ සියල්ලම ගවේෂණය(Explore) කළ හැකි අතර එම post වලට like comment  කිරීමටද, ඔබට හැකියාව පවතී.

4. Instagram Story ක්‍රියාකාරිත්වය කෙසේද?

Instagram app එක open කල විට ඔබට දක්නට ලැබෙන්නේ  Home tab එක යටතේ ඇති interface එක වේ.  එහි උඩ කොටසෙන් දෙවනුවට  වර්ණවත්(Colourful) රවුම් තුළ ඔබ follow කරන සමහරක් අයගේ  profile pictures දැකිය හැක.  එහි වම්පස අන්තයෙන් දක්නට ලැබෙන්නේ ඔබගේ profile picture එක වේ. එහි යටින් your story දෙස දැකිය හැක. මෙම කොටස instagram stories ලෙස හඳුන්වයි.

මෙහි පෙන්නුම් කරනු ලබන්නේ ඔබ විසින් follow  කරන සමහර අය දෛනිකව(Daily) එක් කරන ලද සුවිශේෂී අවස්ථාවන් වේ. ඔවුන්ගේ සිතැඟි පරිදි මෙහි photos, videos ඔබට දර්ශනය වීමට(Visualize) සැලැස්විය හැකි අතර ඒවා පැය 24ක කාලයකට පමණක් සීමා වේ. මෙහි add කරන ලද content තාවකාලික(Temporary) වන අතර ඒවා ඔබගේ profile එකට ස්ථිර වශයෙන් ඇතුළත් නොවේ.

5. Photos සහ Videos, Upload කිරීමට පෙර…

Photos හෝ Videos, add කිරීමට නම් ඔබ මුලින්ම navigation bar එකෙහි තෙවනුව ඇති Content Adding Tab එක tap කළ යුතුය. එවිට ඔබගේ gallery යෙහි තුළ ඇති photos සහ videos සියල්ල instargram interface එකක් තුල දක්නට ලැබෙයි.  මෙහිදී ඔබගේ Photo Resolution අගය කුමක් වුවද, instagram විසින් එය චතුරස්‍රයක්(Square) ආකාරයෙන් පෙන්වනු ලබයි.


Instagram හි post කල හැකි image sizes පහත පරිදි වේ.

තෝරා ගන්නා photos හෝ videos වලට දෙවනුව ඔබට filters යෙදිය හැක. instagram මගින් එකිනෙකට වෙනස් filters සමූහයක් ඔබට ඉදිරිපත් කරයි. ඊට අමතරව ඔබට ඔබගේ photos පමණක් නැවත සංස්කරණය(Edit) කළ හැකි විවිධ වූ විකල්ප(Option) ගණනාවක් ම මෙහි අන්තර්ගයි.

  • Sharpen
  • Adjust
  • Brightness
  • Contrast
  • Warmth
  • Saturation
  • Colour
  • Fade
  • Highlights
  • Shadow
  • Vignette
  • Tilt Shift

එසේම ඔබට photos කිහිපයක් එකවර upload කිරීමටද හැකියාව පවතී. ඒ සඳහා content adding tab එක tap කළ විට දර්ශනය යන interface එකෙහි දකුණුපසින් ඇති සුදු පැහැති කොටු දෙකක සලකුණු(White Square Symbol) tap කරන්න.

Tip – Photos කිහිපයක සංකලනයකින්(Mix) තනි photo එකක් නිර්මාණය කර ගැනීමට Layout Tool එක Download  කරගන්න.

6. IGTV යනු කුමක්ද?

සරලව කියතොත් IGTV යනු instagram TV යනුවෙන් හැඳින්විය හැක. මෙය දිගු ධාවන කාලයක්(Long Playtime) සහිත වීඩියෝ හුවමාරු කරගන්නා social media app එකකි. instagram මුල් කාලයෙහි එහි අන්තර්ග කළ හැකි වූයේ තත්පර 30 ට වඩා අඩු playtime එකක් සහිත videos වේ. IGTV හඳුන්වාදීමෙන් පසුව පැයක playtime එකක් සහිත videos වුවද instagram හි upload කළ හැක. නරඹන්නන්ගේ පහසුව පිණිස මෙහි සියලුම videos දික් අතට(Vertical) දර්ශනය වන සේ සකස් කර ඇත.

IGTV වෙත පිවිසීමට, Instagram app එක open කර දකුණු පස උඩින්ම ඇති TV සලකුණ tap කරන්න. ඉන් පසුව ඔබව යොමු වන්නේ IGTV වෙතයි. මෙහිදී ඔබට ජනප්‍රිය පුද්ගලයන්ගේ(Artists and Celebrities) සහ ඔබ විසින් follow කරන අය විසින් upload කරන ලද videos දැකගත හැක.

ඔබගේ videos, IGTV හි upload කිරීමට  ඔබට IGTV channel එකක් නිර්මාණය කරගත යුතුවේ. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

ios සඳහා IGTV app එක මෙතනින් download කරගන්න.
android සඳහා IGTV app එක මෙතනින් download කරගන්න.

7. නිවැරදි #tag භාවිතා කරමු.

Instagram hashtags භාවිතා කිරීමෙන් ඔබගේ post එය භාවිත නොකරන අයගේ post වලට වඩා 13% ක් පමණ users ලා අතරට ගමන් කරයි. ඔබට instagram තුළ යම්කිසි අනන්‍යතාවක්(Brand) ගොඩනැගීමට අවශ්‍ය නම් මෙම hashtag භාවිත කිරීම අනිවාර්ය වේ. මෙහිදී ඔබගේ post සඳහා උපරිම වශයෙන් tags 30ක්  දක්වා භාවිතා කල හැක. නමුත් ඔබට ඇත්තේ private profile එකක් නම් මෙම hashtag භාවිතා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවේ.

#tag යනු instagram හි අන්තර්ගත කිසියම් දෙයක් සමග අප සම්බන්ධ වන keywords වේ(#tag ඔබටද create කල හැක).Hash(#)  සලකුණ සමග මෙම keywords යොදා කිසියම් දෙයක් post කිරීමෙන් එම hashtag එක follow කරන සියලුම දෙනාට ඔබගේ post එක visible  වෙයි. එම සම්බන්ධය හරහා ඔබට followers ලා ප්‍රමාණය වැඩි කරගත හැකි අතර ඔබගේ post වල activity ප්‍රතිශතය ද(percentage) කිසියම් ප්‍රමාණයකින් වැඩි වේ. එමනිසා hashtag භාවිතා කිරීමේදී එය ඔබගේ post එකට ගැලපෙන(Suit) හා එහි අන්තර්ගතයට අනුකූල(According to the Content) වන ලෙස යෙදීමට සිත්හි තබාගන්න.

Tip –  instagram hashtags analytic tool භාවිතා කිරීමෙන්  ඔබගේ post වල quality එක සහ user engagement වැඩි කරගන්න.
e.g.- Keyhole/ Sproutsocial/ Simply Measured

8. Boomerang සහ Hyper-lapse යනු කුමක්ද?


Hyperlapse සහ Boomerang, instagram මුල් අවධියේ සිට ම එය සමඟ සම්බන්ධ වී පවතින photos හා videos, editing කරන app වර්ග දෙකක් වේ.

Boomerang

මෙහිදී සිදු කල හැක්කේ ඉතා කෙටි කාලයක්(Burst Mode) තුළ දී ගනු ලබන photos සමූහයක් එකට එක්කර තනි වීඩියෝවක් ආකාරයට සකස් කිරීමයි. එම videos මුල සිට අගටත්, අග සිට මුලටත් දර්ශනය වන ලෙස සංස්කරණය කල හැක. බොහෝදුරට gif එකකට සමාන වුවද මෙය වීඩියෝ මාදිලියක්(Mode) වේ.

Android සඳහා app එක මෙතනින් download කරගන්න.
ios සඳහා app එක මෙතනින් download කරගන්න.

Hyper-lapse

ඉතා සුමට(Smooth) හා ඉතා උසස් තත්ත්වයේ(High Quality) කාල අපගමනයක්(lapse) සහිත වීඩියෝ නිර්මාණය කර ගැනීමට මෙය භාවිතා කරයි. එම වීඩියෝ සංස්කරණය(Edit) කිරීමේදී සෙලවීම(Shake) සහිත වීඩියෝ ඇත්නම් ඒවා ඉවත්කර ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කරගැනීමට ද හැකියාව පවතී.

ios සඳහා Hyper-lapse app එක මෙතනින් download කරගන්න.

මෙම ලිපිය මගින් ඔබ යම් දෙයක් අලුතින් දැනගත්තා නම්, තිබු දැනුම වැඩි දියුණු වුනා නම් හෝ මේ සියල්ල දන්නවා නම් අදහස් කමෙන්ට් කරන්න. අඩු පාඩු වැඩි දියුණු කරගත යුතු තැන් සියල්ලටම විවෘතයි. Social Media වල share කරලා සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Online Money Making, SEO වගේම තවත් ගොඩාක් මාතෘකා තියෙනවා කතා කරන්න, ලියන්න. ඒ සියල්ල share කරගැනීමට නියමිතයි. ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සඳුන් සඳමාල්

2 Comments

  1. The best thing is you have mentioned every detail even a beginner could understand… Good Article

    1. Thank you so much and I appreciate your valuable response.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *