YouTube ආරම්භ වූ දා සිට ම වීඩියෝ ප්‍රචාර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්විය. Google ට මෙහි විභව්‍යතාවය(Potential) දැකගත හැකිවූ බැවින් 2006 වර්ෂයේදී ඩොලර් බිලියන 1.65 කටYouTube මිලට ගන්නා ලදී. මෙය Google Advertising Platform එක සමග සම්බන්ධ කරන ලදුව එමගින් Adsense හරහා ආදායමක් උපයාගැනීමට YouTube පරිශීලකයන්ට(Users) අවස්ථාවක් ලබාදෙන ලදී. එසේනම් ඔබට YouTube විකල්ප(Alternative) අවශ්‍ය වන්නේ ඇයි?

ඔබ Adsense මගින් තහනම්(Banned) කර ඇත්නම් හෝ ප්‍රේක්ෂක ඉලක්කය(Audience Retention) හා ආදායම් වැඩිකර(Increase Revenue) ගැනීම පිළිබඳව ඔබ සිතා බැලීමේදී, යම් වීඩියෝවක් ස්ථාන කිහිපයක ප්‍රචාරණය කිරීම ඔබගේ ආදායම ඉහළ නැංවීමේ සාධකයක් වනු ඇත. එහෙයින් YouTube විකල්ප සඳහා ඔබගේ Videos ලබාදීමෙන් ආදායම් දර්ශක ඉහළ නංවා ගැනීමට ඔබට හැකියාව ඇත.

1. Vimeo

Vimeo යනු මාසික සක්‍රීය පරිශීලකයන් මිලියන 300 අධික සංඛ්‍යාවක් සිටින Video Sharing Platform එකකි. මෙම පරිශීලකයන්(Users) ප්‍රමාණය මගින් ඔබගේ වීඩියෝවකට ලබාගතහැකි ප්‍රචාරණය පිළිබඳව සිතන විට නොසලකා හැරිය හැකි ප්‍රමාණයක් නොවේ.

HD Videos සඳහා ප්‍රථම වරට සහාය(Supporting) දක්වන ලද එකම වෙබ් අඩවිය මෙය අතර ඒ 2007 වර්ෂයේදීය. Vimeo හරහා ඔබගේ වීඩියෝ සඳහා මුදල් උපයාගත හැකි ක්‍රම දෙකක් පවතී.

1. පරිශීලකයන් වෙතින් පරිත්‍යාග ලබා ගැනීමෙන්(Donation from Pro/Plus Members- Tip Jar)
2. ඉල්ලුම මත වීඩියෝ දර්ශනය සඳහා ගෙවීම් ලබාගැනීම මගින්(Pay to View)

Tip Jar

Tip Jar ක්‍රමය මගින් Pro/Plus Members  හට ඔවුන්ට දැනුම(Knowledge), විනෝදාස්වාදය(Entertaining)  ලබා දෙන අය සදහා ටිප් එකක් ලබා දීමට හැකියාව පවතී. ඔබව දිරිමත් කිරීමට හෝ අගය කිරීමකට යටත්ව ඔබට මෙය ලබාගත හැකි අතර ඉන් 15%ක්Vimeo වෙබ් අඩවිය මගින් ලබා ගනී.

Pay to View

Pay to View ක්‍රමය යටතේ නිර්මාණය කරන ලද වීඩියෝවක් සෘජුවම යම් මිලකට ඔබගේ ගැනුම්කරුවෙක්(Buyer) වෙත විකිණිය හැක. Pro/Plus Member කෙනෙක් වීමට නම් ඔබට යම් මුදලක් මාසික වශයෙන් ගෙවිය යුතු අතර එමගින් ඔබට වඩාත් පුළුල් සේවාවක් හා ප්‍රචාරණයක් ලබාගතහැක.

Vimeo වෙත මෙතනින් පිවිසෙන්න

2. Dailymotion

Dailymotion යනු හොඳම YouTube විකල්ප Video Sharing Platform එක වන අතර මාසිකව මිලියන 300 සක්‍රිය පරිශීලකයන්(Active Users) පිරිසකින් සමන්විත වේ. BBC, Bloomberg, Chedder  වැනි ඉහළ ප්‍රචාරකයන් විසින් මෙය නිරන්තරයෙන් භාවිතා කරනු ලැබේ.

මෙහිදී ඔබගේ වීඩියෝ දර්ශන නරඹන්නන්(Audience) විසින් නරඹන දැන්වීම් වලින් 70%ක ප්‍රතිශතයක් ඔබ වෙත ලැබෙනු ඇත. මෙහි ගෙවීමේ අගය(Paying Rate) YouTube තරම් නොවන නමුත් ඒ ප්‍රමාණවත් තරම් ආදායමක් බව පර්යේෂකයන් පවසයි.

YouTube මෙන්ම Dailymotion හිදීත් ඔබට video monetize කළ හැකි අතර video මගින් මුදල් ඉපයීමට නම් ඔබගේ ගිණුමෙහි monetize enable කර තිබිය යුතුය. ඔබගේ ආදායම ඩොලර් සීයක් වනවිට මෙහිදී ගෙවීම(Payout) සිදුකරන අතර එය ඔබගේ බැංකු ගිණුමටම ලබා ගත හැක.

Dailymotion වෙත මෙතනින් පිවිසෙන්න

3. Metacafe

Metacafe යනු තවත් video sharing platform එකක් වන අතර මෙහිදීද  ඔබට ඔබගේ මීට මගින් මුදල් උපයා ගත හැක. මෙහි මාසික සක්‍රීය පරිශීලකයන්(Active Users) ප්‍රමාණය මිලියන 40ක් වන අතර එමගින් මිලියන 13ක් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන්(USA Citizens) වේ. මෙම වෙබ් අඩවිය හි සෑම දර්ශන වාරයක්(View) සඳහාම ඔබහට ගෙවීමක් සිදු කරයි.

Metacafe සහ YouTube ගත්කල ඔබට සමාන වීඩියෝ දර්ශන(Views) ප්‍රමාණයක් සඳහා YouTube හි උපයන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් Metacafe හිදී උපයා ගත හැක. ඒ ප්‍රමාණයක් වශයෙන් ගත් කල,

For Youtube 1000 Views – $1 ක් පමණ,
For Metacafe 1000 Views – $5 ක් පමණ වේ.

Metacafe වෙත මෙතනින් පිවිසෙන්න


මෙම ලිපිය මගින් ඔබ යම් දෙයක් අලුතින් දැනගත්තා නම්, තිබු දැනුම වැඩි දියුණු වුනා නම් හෝ මේ සියල්ල දන්නවා නම් ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. අඩු පාඩු වැඩි දියුණු කරගත යුතු තැන් සියල්ලටම විවෘතයි. Social Media වල share කරලා සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Online Money Making, SEO වගේම තවත් ගොඩාක් මාතෘකා තියෙනවා කතා කරන්න, ලියන්න. ඒ සියල්ල share කරගැනීමට නියමිතයි. ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සඳුන් සඳමාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *