අන්තර්ජාලය පරිශීලනය(Use) කරන ඔබ කිසිදු වයස් භේදයකින් සියලුම දෙනා මෙම වචනය එක් වරක් හෝ අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත. කිමද, යූ ටියුබ් අන්තර්ජාලයේ එක් ප්‍රධාන කොටසක් බවට නව තාක්ෂණයත් (Technology) සමග බද්ධ(Bond) වී ඇති නිසාවෙනි. යූ ටියුබ්(YouTube) පරිශීලනය කරන ඔබ එහි නීති රීති(Policy), එයින් ඇති ප්‍රතිලාභ(Benefits) හා නිවැරදි පරිශීලකයකු(User) වන්නේ කෙසේද යන්න ඔබ දත යුතු සියල්ල මෙහි අන්තර්ගත(Include) වේ.

1. YouTube යනු කුමක්ද?

YouTube යනු අන්තර්ජාලයේ වීඩියෝ හුවමාරුවන(Video Sharing) වෙබ් අඩවි අතර අංක 1 ස්ථානය හිමි කරගෙන සිටින වෙබ් අඩවියයි. මෙය දැනට ලොව දෙවනුවට වැඩියෙන්ම භාවිතා වන සෙවුම් යන්ත්‍රයයි(Search Engine). මෙහි ලියාපදිංචි වූ පරිශීලකයන්ට(Registered Users) යම් නීති හා රීතින්ට යටත්ව තම සිතැගි පරිදි නිර්මාණශීලි අදහස් වීඩියෝ (Video) ගත කර මෙම වෙබ් අඩවියට ඇතුලත් කල හැක. මෙම Video වෙනත් වෙබ් අඩවි වලට අන්තර්ගත(Embedded) ගත කල හැකි වීම හා පරිශීලකයන්ට(Users) නිදහසේ හුවමාරු කර ගැනීමට සැලැස්වීම මෙහි ජනප්‍රියත්වය වැඩිවීමට බලපෑ ප්‍රධාන හේතුවයි.Chad Hurley, Steve Chen හා Jawed Karim එකතුව 2005 වර්ෂයේදී නිර්මාණය කල YouTube 2006 වර්ෂයේදී GOOGLE ආයතනය විසින් මිලදී ගන්නා ලදී.

2. YouTube වීඩියෝ නරඹන්නේ
(Watch) කෙසේද?

YouTube Video නැරඹීමට ඔබට ඔබගේ ජංගම දුරකථනය පරිගණකය හෝ රූපවාහිනී යොදාගත හැක.  මේ අතුරින් පරිගණකය හා රූපවාහිනී යොදාගෙන YouTube Videos නැරඹීමට ඔබට අවශ්‍ය වන්නේ අන්තර්ජාල පහසුකමක් පමණි. (ස්මාර්ට් රූපවාහිනියක්[Smart Television] මේ සඳහා අත්‍යවශ්‍ය වේ)

1.  පළමුව රූපවාහිනිය හෝ පරිගණකය ආධාරයෙන්  අන්තර්ජාලය හා සම්බන්ධ වන්න.
2.  පරිගණකයෙන් නම් සෙවුම්  යන්ත්‍රයක(Search Engine-Google/ Yahoo/ Opera) YouTube ලෙස type කර Enter කරන්න.  ස්මාර්ට් රූපවාහිනියේ නම් Smart අතුරු මුහුණතෙහි ඇති YouTube අයිකනය(Icon) ක්ලික්(Click) කරන්න.
3.  පරිගණකයේ සෙවුම් යන්ත්‍ර මගින් ලබාදෙන දත්ත වල(Results)  මුලින්ම ඇති වෙබ් අඩවියට පිවිසෙන්න.
4. දැන් රූපවාහිනියේ හෝ පරිගණකයේ හෝ  විවෘත වන අතුරු මුහුණතෙහි(Interface) ඇති Search Bar එක තුල ඔබට අවශ්‍ය මාතෘකාව ටයිප් කර Enter කරන්න
5.  ප්‍රතිඵල වශයෙන් ලබාදෙන වීඩියෝ නැරඹීමට ඒ මත ක්ලික්(Click) කරන්න

නමුත්, ජංගම දුරකථනයෙන් ඔබට YouTube Videos නැරඹීමට Application එකක් නැත්නම් YouTube Mobile app එකක් අත්‍යවශ්‍ය වේ.

ජංගම දුරකථනය Apple/iOS නම් පහත පියවර අනුගමනය කරන්න.

ජංගම දුරකථනය Android නම් පහත පියවර අනුගමනය කරන්න.

YouTube හි අනුචිත වයස් රීතිය(Age Restriction) හා සීමිත රීතිය(Restricted Mode)

යම් වීඩියෝවක් එහි ප්‍රතිපත්ති සහ රීතීන් වලට අනුකූල වුවද යම් වයස් මට්ටමක් සඳහා අනුචිත බැවින්  අනුචිත වයස් මට්ටම් රීතිය(Age Restriction Mode) ඉදිරිපත් කර ඇත. යම්  වීඩියෝවක් YouTube හි Upload කරන විට එය Age Restriction කොටසට යොදන්නේ යැයි ඉල්ලා සිටියහොත් YouTube මගින් එය වයස අවුරුදු 18න් පහළ අයට  නොපෙන්වන්නට සලස්වයි.   එසේම Restricted Mode On කිරීම මගින්  ඔබව අපහසුතාවයට හෝ පීඩාවට පත්කරන යම් වීඩියෝවක් වේ නම් එය නොපෙන්වන ලෙස ඉල්ලා සිටීමට ඔබට හැක.

3. YouTube මගින් සජීවී වීඩියෝ දර්ශන(Live Streaming) නැරඹිය හැකිද?

පසුගිය අවුරුදු කිහිපය තුල YouTube මගින් විශාල  ප්‍රයත්නයක් දරන ලද්දේ සජීවී(Live) වීඩියෝ දර්ශන ලොව පුරා පැතිර වීමටයි(Streaming). යම් වීඩියෝවක් සජීවී ලෙස YouTube හරහා ලොව පුරා පැතිර වීමට නම් පළමුව ඔබට YouTube චැනලයක් තිබිය යුතු අතර එය YouTube මගින් සහතික ලද චැනලයක්(Verified Channel) විය යුතුය. එසේ නොමැතිනම් ඔබට මෙම අවස්ථාව හිමි නොවේ. Android ජංගම දුරකථන හෝ පරිගණක ආධාරයෙන් ඕනෑම මොහොතක ඔබ සජීවී ලෙස ලොව පුරා  ඔබගේ  Video පැතිරවිය හැකි අතර iOS හෝ Apple දුරකතනයක් නම් ඔබට අවම වශයෙන් ග්‍රාහකයන්(Subscribers) 1000 ක් වත් සිටිය යුතුය.

4. YouTube දැන්වීම්(Ads) යනු මොනවද?

YouTube දැන්වීම්(Ads) යනු ප්‍රධාන වශයෙන් වීඩියෝ නිර්මාණකරුවන් සහ YouTube වෙබ් අඩවිය මුදල් උපයන ප්‍රධාන මාර්ගය වේ. වෙබ් අඩවියේ නඩත්තු කටයුතු(Maintenance) සහ එහි පැවැත්ම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව අත්‍යවශ්‍ය වන අතර එහි අඩංගු වීඩියෝ නැරඹීමට පැමිණ ග්‍රාහකයන්(Subscribers) හා ග්‍රාහකයන් නොවන(Non-Subscribers) අයට මෙම දැන්වීම්(Ads) පෙන්වීමෙන් YouTube ආයතනය මුදල් උපයා එමගින් කොටසක් ඉහත කී වීඩියෝ නිර්මාණකරුවන්(Content Creators) හට ලබාදේ. ලොව පුරා ප්‍රචලිත ආයතන හා ප්‍රචලිත නිෂ්පාදන මඟින් වෙළඳ ප්‍රචාරණය පිණිස මෙම දැන්වීම් YouTube වෙත යොමු කරයි.

මෙම දැන්වීම්(Ads) කිහිපාකාරයකින් ඔබ වෙත ඉදිරිපත් වන අතර එක් වර්ගයක් සම්පූර්ණයෙන්ම දැන්වීම නැරඹීමට ඔබව යොමු කරන අතර තවත් වර්ගයක් දැන්වීමෙන් කොටසක් පමණක් වෙන්වා ඉන් ඉවත් වීමට(Skip) ඔබට ඉඩ සකසා ඇත. සමහරවිට ඔබ  භාවිතා කරන උපකරණය අනුව ඔබ වෙත ලැබෙන දැන්වීම විවිධාකාර වේ.

දැන්වීම්(Ads) වලින් තොරව වීඩියෝ නැරඹීමට හැකිද?

වෙනත් වෙබ් අඩවි වල ඇති දැන්වීම්  බාධකයන්ගේ(Ad Blocker) ක්‍රියාපටිපාටිය YouTube සඳහාද ඇති දැන්වීම් සඳහාද අදාළ වේ. මෙමගින් ඔබට දැන්වීම් වලින් තොරව  වීඩියෝ නැරඹීම සඳහා ඉඩ අවකාශ ලැබේ. මෙම සේවාව YouTube Red යනුවෙන් හඳුන්වන අතර මසකට ඩොලර් 9.99 ක් වැනි මුදලකට මෙම සේවාව ඔබට ලබාගැනීමට හැකියාව පවතී.

YouTube Red මගින් සැලසෙන අමතර ප්‍රතිලාභ(Benefits)

වෙළඳ දැන්වීම් වලින් තොරව නැරඹීමට ඔබට ඉඩ ලබාදෙන අතරම එම නරඹන වීඩියෝ ජංගම දුරකතනයට හෝ පරිගණකයට බාගත(Download) කරගැනීමට හැකියාව මෙම සේවාව මගින් ලබා දී ඇත. YouTube Red තුළ ද උසස් නිර්මාණ කරුවන් විසින් කල  නිර්මාණ ඔබට දැකගත හැක. නමුත්, මේ සඳහා ඔබට අවස්ථාව හිමිවන්නේ ඔබ එහි ග්‍රාහකත්වය(Subscription) ලබා ගතහොත් පමණි. ඊට අමතරව ඔබට Google Mudic පූර්ණ ප්‍රවේශයද(Fully Access) Apple Music හා Spotify යන වෙබ් අඩවි ප්‍රවේශයද හිමිවේ.  අන්තර්ජාල සබඳතාවක් නොමැති අවස්ථාවක පවා YouTube Music භාවිතා කල හැකි වීම ලැබෙන අමතර ප්‍රතිලාභයකි.

5. YouTube Music යනු කුමක්ද?

ආරම්භයේ සිටම, YouTube හි සමස්ථ අත්දැකීම් වල සංගීතයට හිමිවී තිබුනේ ඉහල ස්ථානයකි. කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද ගීත නැවත භාවිතයට ගැනීමේදී ඇතිවන නීතිමය ගැටලුවට(Copyright) පිලියමක් ලෙස පරිශිලකයන්ට(Users) තම නිර්මාණයන්ට සංගීතය(Music) භාවිතා කිරීමට නීතිමය අවසරයද සමග වාර්තාකරුවන්ගේ සමාගම් විසින් YouTube Music පිහිටුවා ගන්නා ලදී.

YouTube Music App එක සමග ඔබට අන්තර්ජාලය පුරා විසිරී ඇති ගීතයන් ඉතා පහසුවෙන් සොයා ගත හැකි අතර ඒ සදහා ඔබට YouTube පුස්තකාලය(Library) වුවද පරිහරණය කල හැක. මෙමගින් ඕනෑම සංගීතයක් වේගවත්ව හා නිවැරැදිව සොයා ගැනීමට හැකි වන ලෙස මෙහි Audio-Only Mode එක සකසා ඇත. වෙනත් ගීත Application ලෙස YouTube Music ඔබට භාවිතා කල හැක.

6. Videos YouTube හි Upload කරන්නේ කෙසේද?

ඔබ විසින් නිර්මාණය කරන ලද ඕනෑම නිර්මාණශීලී වීඩියෝවක් YouTube Upload කළ හැක. ඒ සඳහා ඔබට අත්‍යාවශ්‍ය වන්නේ වීඩියෝවේ පිටපතක්, අන්තර්ජාල සබඳතාවක් හා යූටියුබ් චැනල් එකක් පමණි. පරිගණකය, ජංගම දුරකථනය හෝ ටැබ්(Tab) එක උපයෝගී කර ගනිමින් ඔබට Videos YouTube තුළට Upload කළ හැක.  නමුත් එම Videos ඔබ විසින් නිර්මාණය කරන ලද ඒවා විය යුතුය. නැතහොත් සමහර විට වෙනත් කෙනෙකු කරන ලද නිර්මාණයක් නැවත භාවිතා කිරීමේදී එහි නීතිමය අයිතිය(Copyright) හේතුවෙන් ඔබට ඔබේ YouTube Channel එක පවා අහිමි වී යා හැක.

නිර්මාණයන්හි නීතිමය අයිතිය(Copyright)

ලෝකයේ බොහෝ රටවල නිර්මාණකරුවන්(Creators) විසින් යම් නිර්මාණයක් කර එහි පිටපතක්(Physical Copy) එළිදැක් වූ විට නිරායාසයෙන්ම ඔවුන් එහි නියම අයිතිකරුවන්(Copyrighted  Owner) බවට පත් වේ. ඔවුන්ට ඕනෑම අවස්ථාවක ඔවුන්ගේ නිර්මාණ සිතැඟි පරිදි භාවිතා කිරීමට හැකි අතර යම් කෙනෙකුන් එම නිර්මාණ අවසරයකින් තොරව(Illegally) භාවිතා කරන්නේ නම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමට අවකාශය පවතී එසේම නිර්මාණකරුවාගේ නීතිමය අවසරයකින් එම නිර්මාණ භාවිතා කරන්නේ නම් ඒ සදහා YouTube තුල කිසිදු බාධාවක් ඇති නොවේ.

Youtube බලපත්‍ර(License)

YouTube බලපත්‍ර වර්ග දෙකකි. එනම් ප්‍රමිතිගත බලපත්‍රය(Standard Youtube License) හා පොදු නිර්මාණ බලපත්‍රය (Creative Common License) යන දෙවර්ගය වේ. මෙය අතුරෙන්  Standard YouTube License භාවිතාකරමින් Upload කරන සියලුම වීඩියෝ නිර්මාණයන්හි අයිතිය මුල් නිර්මාණකරුවා(Original Creator) සතු වන අතර එය අවසරයකින් තොරව භාවිතා කළ හොත් නීතිමය පියවර පවා ගැනිමට හැකියාව පවතී. නමුත් Creative Common License භාවිතා කරමින් Upload කරන සියලුම වීඩියෝ ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක නැවත නැවත භාවිතා කළ හැකි වන සේ නිර්මාණකරුවා විසින් අවසරය  ලබාදී තිබීම මෙහි විශේෂත්වයයි.

7. YouTube ගිණුමක්(Account) සාදාගන්නේ කෙසේද?

අන්තර්ජාලය පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට YouTube ගිණුමක් විවෘත කර ගැනීමේ හැකියාව පවතී(YouTube තහනම් කරන ලද රටවල අයට හැර).
ඒ සඳහා ඔබට Google ආයතනය විසින් සපයන Gmail ගිණුමක්(Account) එකක් තිබීම අත්‍යවශ්‍ය වේ. එය Google හි මුල් පිටුවට යාමෙන් ඔබට නොමිලේම සාදාගත හැකිය.

Gmail Account එකක් තිබේනම්,
1. YouTube වෙබ් අඩවියෙහි මුල් පිටුවට(Home Page) පිවිස එහි දකුණු පස ඉහළින්ම ඇති sign in ක්ලික් කරන්න.
2. Gmail ගිණුමේහි අඩංගු තොරතුරු ඇතුලත් කිරීමට අවැසි වින්ඩෝවක්(Window) පෙන්නුම් කරයි.
3. Gmail ගිණුමෙහි නම(Account Name) සහ මුරපදය(Password) ඇතුළත් කර නැවතත් sign-in කරන්න.
4. නැවතත් YouTube මුල් පිටුව වෙත යොමුවන අතර  ඔබ සාර්ථකව YouTube ගිණුමක් සාදා ඇත්නම් ඒ බව දකුණු පස ඉහල කෙලවරේ ඇති Gmail ගිණුමෙහි ඡායාරූපයෙන්(Profile Pic) සහතික කරගත(Verified) හැක.
5. දැන් එම Icon එක Click කිරීමෙන් විවෘතවන මෙනුවෙහි(Drop down Menu) ඇති Create New Channel ක්ලික් කරන්න.
6. විවෘත වින්ඩෝවෙන් Business Option තෝරාගන්න.
7.  නැවතත් YouTube ගිණුම වෙත යොමු වූ පසුව ඔබේ චැනලයට සුදුසු නමක්(Channel Name) හා ගිණුම් ඡායාරූපයක්(Channel Pic) එක් කරගැනීමට ඔබට හැකියාව පවතී.

Profit every 10 minutes!

8. YouTube Banner(Channel Art) එකක් නිර්මාණය කරගන්නේ කෙසේද?

YouTube Channel Art නැත්නම් YouTube Banner යන යනු Channel Page එකෙහි උඩින්ම දර්ශනය වන ඡායාරූපය වේ. මෙය බොහෝදුරට Facebook Cover එකට සමාන වේ. මෙය ඉතාමත් වැදගත් අංගයක් වන්නේ එය ඔබගේ චැනල් එක පිළිබඳව මුලින්ම එයට පැමිණෙන අයට අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන හෙයිනි. එමනිසා ඔබගේ Channel එකෙහි ප්‍රචාරණය වෙනුවෙන් මෙය නිර්මාණශීලී, සිත් ඇදගන්නාසුලු අන්තර්ගතය පෙන්නුම් කරන එකක් විය යුතුය.

විවිධ නිර්මාණ කරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි මෙය නිර්මාණය වන නිසා YouTube මගින් මේ නිර්මාණය කළ යුතු මිම්මක්(Dimensions-Pixels) ඉදිරිපත් පත් කර ඇත. ඔබ භාවිතා කරන උපකරණය කුමක් වුවද එහි මුහුණතට ගැලපෙන ආකාරයෙන් නිරායාසයෙන්ම හැඩගැසීමට(Adjust Automatically) මෙම Demensions උපකාරී වෙයි.


YouTube Banner එකක් ප්‍රමාණය(Size) හා ආරක්‍ෂිත කලාපය(Safe Zone)

චැනල් ආර්ට් එකක් නිර්මාණය කිරීමේදී එය ඕනෑම උපකරණයකින් බැලීමට හැකි අංග සම්පූර්ණ වීමට නම් එහි පික්සල් අගය 2560 x 1440(px) විය යුතුය. එසේම ඔබට Channel Art එකෙන් පෙන්වීමට අවශ්‍ය නිර්මාණය පික්සල් අගය 1546 x 423(px) පරාසයේ තබාගැනීමට  සැලකිලිමත් විය යුතුය.

චැනල් ආර්ට් එකක් නිර්මාණය කල පසු පහත ආකාරයට දිස්වේ.

9.නිර්මාණ කිරීමට අවශ්‍ය සුදුසුම මාතෘකාව/ අවකාශය(Niche) සොයා ගන්නේ කෙසේද?

සරලව ගතහොත් කිසියම් මාතෘකාවක් සම්බන්ධයෙන් දැනුමැති හෝ ඉගැනීමට අධික ආශාවක්(Passionate) දක්වන්නේ නම් එය ඔබට YouTube චැනලයක් ආරම්භ කිරීමට සුදුසු මාතෘකාව/අවකාශය(Niche) වේ.

ජනප්‍රිය YouTuber කෙනෙකු වීමට අවශ්‍ය නම් තෝරාගත් Niche එකක් හරහා අඛණ්ඩව නිර්මාණකරණයේ යෙදීමට සිදුවේ. එහෙයින් එම මාතෘකාවට ගැලපෙන සම විෂය පරාසයන් පැතිරී ගිය අධ්‍යනයක් කළ යුතු අතර මාතෘකාවට ගැලපෙන මූල පද(Keywords) සොයා ඒවාට ගැළපෙන සේ නිර්මාණ කාර්යයේ නියැලී යුතුය. මූල පද යනු අන්තර්ජාලයෙහි කිසියම් දෙයක් සෙවීමේදී පරිශීලකයන්(Users) විසින් යොදා ගන්නා වචන(Words) හෝ වචන කිහිපයක පෙළගැස්ම(Words Order) වේ. මේ ආකාරයට Keywords කිහිපයක පෙළ ගැසීමෙන් Niche නිර්මාණය වේ.

උදාහරණයක් ලෙස Web-Development යන Keyword එක ගනිමු. මෙම Keywords Yahoo, Google හෝ වෙනත් Search Engine එකක Search Bar එක මත ටයිප් කළ විට නිරායාසයෙන්ම යෝජනා වන Keywords මගින් සුදුසු නිච් එකක් තෝරාගැනීමට  නිර්මාණකරුවන්ට අවස්ථාව සැලසේ. ගැලපෙන Niche එකක් YouTube තුළදී ද මේ ආකාරයෙන් ම සොයාගැනීමට  නිර්මාණකරුට අවස්ථාව තිබේ. Moz, Ahrefs වැනි Keywords Research Tool මගින් නිවැරැදි(Accurate) හා වඩාත් ගැලපෙන මූල පද(Sweet Keywords) සොයා එමගින් Niche එක නිර්මාණය කරගත හැක.

Search Engine මගින් ලබාදෙන Keyword Suggestions

තෝරාගත හැකි Niche කිහිපයක්

Profit every 10 minutes!

10. වීඩියෝවක් Upload කරන්නේ කෙසේද?

Video එකක් Upload කිරීමට ප්‍රථම එය නිර්මාණය කර තිබීම අත්‍යවශ්‍යය වන අතර එය ඔබේම නිර්මාණයක් විය යුතුය. ජංගම දුරකථනයෙන්(Mobile Phone) හෝ වීඩියෝ කැමරාවෙන්(Video Camera) ගත් සංස්කරණය කල(Edited) හෝ නොකල(Non-Edited) ඕනෑම වීඩියෝවක් Upload කල හැක. ඒ සදහා,
1. YouTube Channel එකට ඇතුළු වන්න.
2. දකුණු පස ඉහලින් ඇති කැමරාවක(Camera) සලකුණ Click කරන්න. පහලට Open වෙන Menu එකෙහි Upload Video ක්ලික් කරන්න.
3. දර්ශනය(Appear) වන මුහුණතෙහි Select Files to Upload කොටස Click කර Open වන Window එකෙන් අවශ්‍ය වීඩියෝව තෝරා Open ටැබ් එක Click කරන්න(එම කොටසෙහි පහලින් ඇති ටැබ් එක Public ලෙස දර්ශනය විය යුතුය).
4. ඉන්පසු, YouTube හි Video Upload වෙන පිටුවට යොමු වන අතර පිටුව මැද උඩින්ම නිල් පැහැයෙන් Video Uploading Percentage එක දැක්වේ. එහි දකුණු පසින් Publish ටැබ් එක දැකගත හැක.
5. Video එක Upload වන අතරතුර සම්පුර්ණ කලයුතු තවත් කොටස් කිහිපයක් තිබේ. මේවා යම් නිර්මාණයක් ජනප්‍රිය(Popular) වීමෙහි ලා අත්‍යවශ්‍ය කරුණු වේ.
– වීඩියෝ මාතෘකාව හා හැදින්වීම (Title and Description)
වීඩියෝවෙහි අන්තර්ගතය(Content) පිලිඹදව කෙටියෙන් Title එකෙහි දක්වන අතර එය පිලිඹදව සංක්ෂිප්ත විස්තරයක්(Details) Description තුල සදහන් කරයි.
– ටැග්(Tag)
Description එක සේම වීඩියෝවක් සොයා ගැනීමට උපකාරී වන Key Words මෙම කොටසෙහි අන්තර්ගත කල යුතු වේ. දිග Key Words වලට වඩා කෙටි Key Words යෙදීම වඩා යෝග්‍ය වේ.
-පෞද්ගලිකත්වය(Privacy)
යම් වීඩියෝවක් අන් අයට දැකගත හැකිවන සේ Upload කිරීම Public ලෙසද, නැත්නම් නිර්මාණකරුට පමණක් දැකගත හැකි වන අයුරින් Private ලෙසද, නැත්නම් ඒ කුමක්ටවත් අයත් නොවන අයුරින් Unlist යන Option එකද තේරිමට හැක.
-Add to Playlist
Upload කරන වීඩියෝවක් පෙර නිර්මාණය කර තිබූ පෙලගැස්මකට(Playlist) අන්තර්ගත(Include) කිරීම හෝ අලුත් Playlist එකක් නිර්මාණය කර Include  කිරිම මෙහිදී සිදු කරයි.
-Thumbnail
වීඩියෝවක් සම්පුර්ණයෙන්ම Upload වූ පසු වීඩියෝවෙහි අන්තර්ගතය(Content) චායාරූප(Thumbnail) තුනකින් පෙන්වනු ලබන අතර නිර්මාණය ප්‍රචාරණය(Publish) සදහා මින් Thumbnail එකක් තෝරා ගත යුතු වේ. මෙය Video Title එක ලෙසම වැදගත් වන අතර එය අවශ්‍ය ලෙස නිර්මාණය කර Upload කරන්නේ නම් එහි පික්සල් අගය 1280×720(px) ක් විය යුතුය.
6. වීඩියෝව Upload වී අවසන් වූ පසු Publish ටැබ් එක Click කිරීම මගින් එම වීඩියෝව YouTube තුලට එකතු වේ.

11. Video Upload කිරීමෙන් මුදල් උපයාගත හැකිද?

YouTube මගින් මුදල් ඉපයීමට හැකියාව ඇති බව සියලු දෙනාම දන්නා කරුණකි. නමුත් Videos Upload කළ පමණින් මුදල් ඉපයීමේ හැකියාව ඔබට ලැබෙන්නේ නැත. ඒ සඳහා YouTube Channels පවත්වගෙන යන සියලුම දෙනා ප්‍රධාන  සන්ධිස්ථානයන් තුනක් පසුකරයෑම අනිවාර්ය වේ. ඒවා නම්,
1. ග්‍රාහකයන්(Subscribers) 1000 ක්
2. නැරඹුම් පැය(Watch Hours) 4000 ක් හා
3. නැරඹුම්(Views) 10000 ක් වේ.

මේ කරුණු තුන සම්පූර්ණ කිරීමෙන් පසුව ඔබට Monitization Enable කිරීමේ හැකියාව ලැබේ. Monatization යනු ඔබේ වීඩියෝ වලට  ප්‍රථම YouTube Ads Play කරවා එමගින් ලැබෙන ආදායමෙන් කොටසක් නිර්මාණකරුට ලබාගැනීමේ හැකියාව වේ. Verified හා Monitization Enable චැනලයකින් මුදල් ඉපයීමට එහි නිර්මාණකරුට අවස්ථාව සැලසේ.

මේ සියල්ල සම්පූර්ණ වුවද, ඒ මුදල් ලබාගැනීම සඳහා Youtube ගිණුම Google  Adsense ගිණුමක් හා සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින් ප්‍රචාරණය වන Ads මගින් එකතු වන මුදල් Cheque මගින් හෝ Bankwire පහසුකම මගින් නිර්මාණකරුට ලබා ගැනීමට හැකියාව පවතී.

Upload කරන ලද වීඩියෝවක Copyrighted Content අඩංගු වේ නම් එය YouTube මගින් Demonitization Video ලෙස නම් කරයි. මෙවැනි වීඩියෝ මගින් ඔබට මුදල් ඉපයීය නොහැකි අතර එමගින් ලැබෙන මුදල් සියල්ලම එම නිර්මාණය අයිතිකරුගේ(Original Creator) ගිණුමට බැර වේ.

Profit every 10 minutes!

මෙම ලිපිය මගින් ඔබ යම් දෙයක් අලුතින් දැනගත්තා නම්, තිබු දැනුම වැඩි දියුණු වුනා නම් හෝ මේ සියල්ල දන්නවා නම් (කොහොමත් YouTubers ලා ඔක්කොම දන්නවා මේ ගැන) ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. අඩු පාඩු වැඩි දියුණු කරගත යුතු තැන් සියල්ලටම විවෘතයි. Social Media වල share කරලා සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. Online Money Making, SEO වගේම තවත් ගොඩාක් මාතෘකා තියෙනවා කතා කරන්න, ලියන්න. ඒ සියල්ල share කරගැනීමට නියමිතයි. ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සඳුන් සඳමාල්

13 Comments

  1. It’s very convincing massage about you tube

    1. Thank you, Mr.Sumeera for your very first comment

  2. Influential about you tube. Invite all to read ..

    1. Thank you, Mr. Thilina for your valuable comment

  3. It is common to discover the ornamental painting and
    sculptures with shapes depicting a fascinating mix of different aspects of
    the artist’s religious, physical and cultural background.
    After the Bourbon Restoration, since the trial participant of Louis XVI, David was without the benefit of his civil right
    and property, and was made to leave his homeland to stay in Brussels
    where David also completed many works, and finally died in a very strange land.
    It is maybe essentially the most worldwide of mediums,
    at its practice along with its range.

  4. godak honda wadak danne narthi dewal godak danagatta
    thanks.

    1. Thank You very much..Appreciate your comment… Help me by sharing this blog…

    1. Thank you for your comment. Appreciate it and help me to share this blog.

  5. Mama me pilibadawa soyamin sitina mohothaka mema lipiya netha gatuni.. ma hata itha prayojanawath lipiyaki.. bohoma sthuthi..

    1. බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා අදහස් වලට…ඔබගේ යහලුවන් හටද දැනගැනීම සදහා ශෙයා කරන්න… එය මාහට කල හැකි ලොකුම උපකාරයකි.

  6. I have some knowledge about youtube and some facts that you’ve mentioned, I didn’t even know that they exist…

    1. I’m glad that you’ve found this was useful to you. Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *